වැස්සෙන් ඉරාකයේ 21ක් මරුට: දස දහස් ගණනක් අවතැන්



දින දෙකක් පුරා  ඉරාකයට ඇද හැලෙන වර්ෂාවෙන්  ඉරාක වැසියන්  21ක් මියගොස් , දස දහස් ගණනක් අවතැන් වී ඇත. 


මියගිය අය අතර කාන්තාවන් සහ දරුවන් සිටින බව  ඉරාක සෞඛ්‍ය අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලය  සඳහන් කළේය.


 ඉරාක වැසියන් 180 ක් තුවාල ලබා ඇති අතර විශාල දේපල හානියක් සිදු වී ඇත. 


ඉරාකය සහ අසල්වැසි රටවල්වලට මෑත සතිවල අධික වර්ෂාපතනයක්    ලැබී ඇත.


වර්ෂාවෙන් ඉරාකයේ උතුරු ප්‍රදේශයට  දැඩි හානි සිදු වී ඇත.


මෙම ආපදා තත්ත්වය නිසා දස දහස් ගනණකට තම නිවාස වලින් ඉවත් වීමට සිදු වී ඇති බව  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාක කාර්යාලය  සඳහන් කරයි .  

( 63226 )