(අංජුල මහික වීරරත්න)
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව නව නීති හඳුන්වා දීම හා පවත්නා පනත් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ විෂය පථයට අදාලව රාජ්‍ය ප්‍රතිපත්තීන්ගේ ප්‍රමුඛත්වය අනුව 2025 වර්ෂයේ දැනට පවතින පනත් සංශෝධනය කිරීමේ සහ අලුතින් පනත් සම්පාදනය කිරීමේ අවශ්‍යතා හඳුනා ගෙන ඇත.
ඒ අනුව පහත සඳහන් නව නීති හඳුන්වා දීම හා පනත් සංශෝධනය කිරීම 2025 වර්ෂයේ රජයේ නීති සම්පාදන වැඩසටහනට ඇතුළත් කිරීම පිණිස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
1958 අංක 2 දරන තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම.
2005 අංක 19 දරන සෞම්‍යමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනම් පනත සශෝධනය කිරීම.
2000 අංක 47 දරන තේ ශක්ති අරමුදල පනත සංශෝධනය කිරීම.
1957 අංක 51 දරන තේ පාලන පනත සංශෝධනය කිරීම.
1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීම
වැවිලි කළමනාකරණ පනත ලෙස නව පනතක් හඳුන්වා දීම.
තුරු සවිය සමිතීන්හි බලතල රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නව පනතක් හඳුන්වා දීම.
1971 අංක 46 දරන පොල් සංවර්ධන පනතට කාලීන අවශ්‍යතාව මත නව රෙගුලාසි ඇතුළත් කිරීමට හැකි වන ලෙස එම පනතට සංශෝධන ගෙන ඒම.
1975 අංක 14 දරන තේ මණ්ඩල පනත සහ රෙගුලාසි ආශ්‍රිතසංශෝධන සිදු කිරීම.