
(සුමිත් පොතුපිටිය)
ගම්පහ ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය ප්‍රධාන මත්කුඩු ජාවාරම් කරුවෙකු වන වැලිපැන්නේ ජෝසා නැමැත්තාගේ ගෝලයකු බව කියන කළුවාමෝදර පොට්ට නිහාල් නැමැත්තා රුපියල් ලක්ෂ විස්සක පමණ හෙරෝයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය පවසයි .
අත්අඩංගුවට පත් සැකකරු අළුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පදිංචි 41 හැව්රිදි පුද්ගලයකු බවද පොලිසිය පවසයි .
ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායම සැකකරු ගේ නිවස ආසන්නයේදී පරීක්ෂා කොට හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 135 ක් සහ කුඩා ප්‍රමාණයේ බරකිරන ඩිජිටල් තරාදියක්ද භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිපැන්න , අළුත්ගම ,බෙන්තර සහ බේරුවල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් හෙරෝයින් මත්කුඩු ජාවාරම සිදුකර ඇති බව මූලික විමර්ශන වලදී තහවුරුව ඇති බව පොලිසිය කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

