
(තරංග ගුණරත්න)
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයකු තෝරා ගැනීමේ ජන්ද විමසුම දින නියමයක් නොමැතිව කල් තැබිමට දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මිය පියවර ගත්තාය.
වැලිගම පාදේශිය සභාවෙි සභාපති ලෙස කටයුතු කල ලසන්ත වික්‍රමසේකර මහතා (ස.ජ.බ ) පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූහ.
එම පුරප්පාඩුවට නව සභාපතිවරයකු තෝරාපත් කර ගැනීම සදහා ජන්ද විමසුම අද දින පැවැත්වීමට නියමිතව තිබූ අතර දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු පෙරවරු 10:00 පමණ ආරම්භ කළාය.
සභාවේ මුළු සභිකයන් සංඛ්‍යාව 45 වුවත් සභාවට පැමිණ සිටියේ සංඛ්‍යාව 15 දෙනකු පමණී. එ අනුව අදාල ඝණ පූර්ණය සඳහා 23 ක් සිටිය යුතු බැවින් සභාවේ කටයුතු විනාඩි 30 කට කල් තැබීමට කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මිය පියවර ගත්තාය.
අනතුරුව නැවත් සභාවේ කටයුතු පෙරවරු 10:30 ට ආරම්භ කළ අතර එහිදි සභාවේ අවශ්‍ය ගණපූර්ණය නොමැති වීම නිසා පළාත් පාලන ආයතන ඡන්ද විමසුමේ ආඥා පනතේ 66 ඇ 4 - 1 උප වගන්තියේ යටතේ සභාවේ කටයුතු දින නියමයක් නොමැතිව කල් තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය පියවර ගත්තාය.
හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයෙන් පසු සභාපතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා මීට පෙරත් උත්සහා කළ ද එය ද අසාර්ථක විය.
කෙසේ වුවද ජාතික ජන බලවේගය මන්ත්‍රීවරු සභාවට පැමිණ සිටි අතර සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු කිසිවේ සභාවට පැමිණ නොසිටියහ.

