
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර (සජබ) මහතාට වෙඩි තබා ඝාතනය කළ බව කියන සැකකරුවන් තිදෙනා පැය 48 ක කාලයක් රදවා තබා ගෙන ප්‍රශ්න කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා වැලිගම මූලස්ථාන පොලීසියට අද අවසර ලබා දුන්නේය.
එසේ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ගාල්ල අගුළුගහ පදිංචි ත්‍රී රෝද රථ රියදුරකු,වැලිගම වලාන ප්‍රදේශයේ ගරාජ් හිමිකරුවකු හා අපරාධයට යොදා ගත් යතුරුපැදිය ගෙනවිත් දුන් පොල්අතුමෝදර පදිංචි තරුණයෙකි.
මෙම ඝාතනයට පෙර සහ පසු ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් සැපයූ ත්‍රී රෝද රථ රියදුරු වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ද මෙම ඝාතනයට යොදා ගත් යතුරු පැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියාව කර දුන් වලානේ ගරාජ් හිමිකරු හා එම යතුරුපැදිය ඝාතකයන්ට ගෙනවිත් දුන් පොල්අතුමෝදර තරුණයා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රුක්මන් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විසින්ද සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණි.

