වැලිකන්දේ අපවහන ඇළක කසිප්පු තොගයක් වටලයි


(නිමල් ජයරත්න)

ගම්මානයේ කසිප්පු ජාවාරම පිළිබඳ පොලිසිය දැනුවත් කලද ඊට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් පොළොන්නරුව වැලිකන්ද කටුවන්විල මොහිදින් ජුම්මා පල්ලියේ සාමාජිකයන් ඇතුළු ගම්වාසීන් පිරිසක් ඒකාබද්ධව අද (1) සවස සිදුකළ මෙහෙයුමකදී ගම්මානයේ අපවාහන ඇලක සඟවා තිබූ කසිප්පු බැරල් තුනක් සිය බාරයට ගැනීමට කටයුතු කර තිබේ.

මොහෙදින් ජුම්මා පල්ලියේ සභාපති ආදම්බාවා ආසික් අහමඩ් මවුලවී ඇතුළු මෙම වැටලීමට මුස්ලිම් පල්ලියේ සාමාජිකයින් දහදෙනකු පමණ සහභාගි වී සිටියහ.

මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රජයේ ජාතික වැඩපිළිවෙළට සහයෝගයක් වශයෙන් ගම්මානයේ සියලු විෂ මත්ද්‍රව්‍ය සහ කසිප්පු වැටලීමකට ලක්කර, තම ගම්මානය මතින් තොර ගම්මානයක් බවට පත් කිරීමට කටයුතු කරන බවද කටුවන්විල ජුම්මා පල්ලියේ ඉස්ලාම් ආගමිකයන් සඳහන් කළහ.
 
මෙම මෙහෙයුම සඳහා කටුවන්විල ජුම්මා පල්ලියේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් දහදෙනෙකුට ආසන්න පිරිසක් සහභාගී වූ අතර අපවාහන ඇලේ සඟවා තිබීයදි සොයාගත් කසිප්පු බැරල් තුන ට්‍රැක්ටරයක පටවා ගෙන ගොස් වැලිකන්ද පොලිසියට බාරදීමට කටයුතු කරන බවද මෙහෙයුමට එක් වූ සාමාජිකයන් පැවසූහ.