(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාර කාන්තා අංශයට සැක සහිත පෙති කිහිපයක් රැගෙන යාමට උත්සහ කළ ජේලර්වරියක් ඊයේ (16) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඇතුළුවන කාන්තා රැඳවියන් සහ නිලධාරීණියන් විශේෂ කාර්ය බලකා නිලධාරිනියන් පරීක්ෂාවට ලක් කිරීමේදී සැකකාර ජේලර්වරිය සන්තකයේ තබාගෙන සිටි පෙති කිහිපයක් එකවරම කටට දමා ගෙන ඇති බවත්, විශේෂ කාර්ය බලකා නිලධාරිනිය මහත් පරිශ්‍රමයක් යොදා ඒවා ඉවතට ගෙන ඇත.
මෙම පෙති කුමක්ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.
සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, පෙති වර්ගය හඳුනා ගැනීම සඳහා රෝහලට ඉදිරිපත් කර ඇත.