(ගයාන් සූරිය ආරච්චි)
වැල්ලව, නිවාස සංකීර්ණයක කුලී පදනම මත සිටි යුවළකට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ යුවළ රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැමියා මියගිය බව වැල්ලව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වැල්ලව මාරලුවාව වාසනා නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි සුමිත් ප්‍රසන්න පතිරණ නමැති 30 හැවිරිදි සෝලා ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි.
එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 32 හැවිරිදි කාන්තාව රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
මෙම මෙම යුවළ පදිංචිව සිටින නිවාස සංකීර්ණයට අසල්වැසි ඉඩමේ සිට වෙඩික්කතු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 5 ක් පමණ එල්ල කර ඇති බවට පොලිස් විමර්ශනවලදී වලදී අනාවරණය වී ඇත.
මියගිය ව්‍යාපාරිකයා වැල්ලව ප්‍රදේශයේ සෝලා පැනල් ආයතනයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකු වන අතර ඔහු සේවාව නිමවී නිවාස සංකීර්ණය වෙත පැමිණ සිටියදී ඔහුගේ බිරිය විසින් තේ රැගෙන ආ අවස්ථාවේදී වෙඩික්කරු සැඟව සිට වෙඩි තබා ඇති බව අනාවරණය වී ඇත.