වැඩිහිටි දීමනාව ගෙවන්න සියලුම තැපැල් කාර්යාල 17-18 විවෘත වෙයි


(යොහාන් භාසුර)

මෙම මස වැඩිහිටි දීමනාව ගෙවීම සදහා ලබන සිකුරාදා සහ සෙනසුරාදා (17 සහ 18) දෙදින සියලුම තැපැල් සහ උප තැපැල් කාර්යාල විවෘතව තබන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

‘කොවිඩ්’ තත්වය පැවැතුණ ද තැපැල් දෙපාර්තමේන්තුව අඛණ්ඩව තැපැල් කාර්යාලවලින් කරන සියලුම ඖෂධ බෙදීම සහ සියලුම ගෙවීම් ඇතු`ඵ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කළ බව කී තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඉදිරියෙදීත් හැකි උපරිමෙන් සේවා ඉටුකරන බවත් සඳහන් කළේය.