(රංජිත් රාජපක්ෂ)
රජය මගින් මාසිකව ලබාදෙන වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යංශයෙන් ලබාදෙන සහන මල්ල ලබා ගැනීමට අද (01) පැමිණි විශාල පිරිසක් පැය 8 ක කාලයක් බගවන්තලාව ග්‍රාමසේවා කාර්යාලය ඉදිරිපිට රැඳීසිට ආපසු හිස් අතින් පිටව ගොස් තිබේ.
වැඩිහිටි දිමනාව අද දිනයේ බගවන්තලාව තෙරේසියා වත්ත ග්‍රාමසේවා කාර්යාලයේදී ලබාදෙන බව පවසා ඇති බවත් උදෑසන 6.00 සිට පස්වරු 2.00 දක්වා ග්‍රාමසේවා කාර්යාල ඉදිරිපිට රැඳී සිටියත් එම මුදල ලබාදීමට ග්‍රාමසේවකවරයා නොපැමිණි බවත් වැඩිහිටි දිමනාව ලබා ගැනීමට පැමිණි පිරිස පැවසූහ.
නොර්වුඩ් සමෘද්ධි කාර්යයාලය මගින් තමන්ට වියළි සලාක මල්ලක් සහ මුදල් ලබාදෙන බවට පොරොන්දු වූවත් එම නිලධාරීන්ද අද දින තම වසමට නොපැමිණි බව බගවන්තලාව තෙරේසියා වත්ත වසමේ සමෘද්ධි ලාභීහු චෝදනා කළහ.
වැඩිහිටියන් සහ සමෘද්ධි ලාභීන් විශාල පිරිසක් එක් රැස් වී සිටිම නිසා එම ස්ථානයට පැමිණි බගවන්තලාව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම පිරිසට එම ස්ථානයෙන් විසිර යන ලෙස කළ ඉල්ලිමක් මත පිරිස ආපසු නිවෙස් කරා පිටවගියහ.







