(ශාන්ත රත්නායක)
සහල් වැඩි මිලට අලෙවි කරන පිරිස් සොයා පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය එක්ව පිටකොටුව තොග වෙළෙඳහල් වැටලීමකදී වැඩිමිලට අලෙවි කළ සහල් කිලෝ 14000 ක් රජයේ පාලන මිල යටතේ සතොසට පවරා ගැනීම සිදු විය.
එයට කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න , පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජෙර් ජෙනේරාල් ශාන්ත දිසානායක පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිසාව බාර මෙහෙයුම් ප්‍රදීප් කළුතරආරච්චි යන මහත්වරු සහභාගී වූහ.






