(මහින්ද නිශ්ශංක )
උපරිම සිල්ලර මිලට වැඩියෙන් සහල් අළෙවි කළ සුපිරි වෙළඳසැලකට මෙතෙක් ඉහළම දඩය ලෙස රුපියල් ලක්ෂ 10 ක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුපියල් 220 ක් මිල නියම කර තිබෙන සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අළෙවි කිරීම හේතුවෙන් මෙම ලක්ෂ 10 ක දඩය අධිකරණය මගින් නියම කර ඇත්තේ කැළණිය ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට බවද අධිකාරිය සදහන් කරයි.
මෙයට අමතරව වැඩි මිලට සහල් අළෙවි කළ පිටකොටුව වෙළෙඳ සමාගමකට රුපියල් 750,000 ක දඩයක් මාලිගාකන්ද අධිකරණය මගින් නියම කළ බව පාරිභෝගික අධිකාරිය පවසයි.