වැඩි මිලට සහල් විකුණූ වෙළෙඳුන් 50 කට නඩු


 (  මහින්ද  නිශ්ශංක )

පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කළ වෙළෙඳුන් පනස් දෙනෙකුට පමණ විරුද්ධව නඩු පැවරීමට ඊයේ (10) පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

නාඩු , කැකුළු, හා සම්බා සහල් සදහා නියම කර තිබෙන පාලන මිල ඉක්මවා කිලෝවක් රුපියල් 10 ,15 හා 20 වශයෙන් අලෙවි කිරීමේදී මෙම වෙළෙන්දූන් නීතියේ රැහැනට හසුකර ගැනිමට හැකි වූ බව අධිකාරිය පවසයි.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා සිදු කරන වැටලීම් අද (11) සිට පුළුල් කරන බවද සදහන් කරන පාරිභෝගික අධිකාරිය සහල් තොග සගවා සිටින වෙළෙඳුන් සම්බන්ධවද මෙම වැටලීම් වලදී සොයා බලන බව පැවසීය.