වැඩි කළ බැංකු ණය පොළිය පහත දමන්නැයි උද්ඝෝෂණයක්


(ශාන්ත රත්නායක)

වැඩි කළ බැංකු ණය පොළි අනුපාතය වහා පහත හෙලන ලෙස රජයට බලකරමින් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද (10) පැවැත්විය

එහිදී ඔවුන් කියා සිටියේ බැංකු ණය පොලිය  ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඉදිරියේදී වෘත්තිය සමිති රැසක් එකතු වී ක්‍රියා මාර්ග ගන්නා බව ය