(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීම සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ.
ඒ අනුව ලංසුකරුවන් 11 දෙනකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව වැඩිම මිලගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වන M/s. Melwire Rolling (Pvt) Ltd වෙත රුපියල් මිලියන 721.257 ක (වැට් සහිත) මුදලකටත්, M/s. SR Steel (Pvt) Ltd වෙත රුපියල් මිලියන 167.507 ක (වැට් සහිත) මුදලකටත් අදාළ අබලි ලෝහ බැහැර කිරීමේ ටෙන්ඩරය ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

