වැටුප් විෂමතා ගැන අහන්න ජනපති කාර්යාලය ’’දොරක්’’ අරී


(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් දීමනා සංශෝධනය කිරීම සඳහා වන යෝජනා කැඳවීම ආරම්භ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .

ඊට අදාළ අයදුම් පත්‍රය ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය  වන www.presidentsoffice.gov.lk මඟින් බාගත කර ගත හැකි අතර සියළු යෝජනාවල PDF ආකෘතියෙහි මෘදු පිටපතක් පමණක් [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට 2024-08-09 දිනට හෝ එදිනට පෙර යොමු කළ යුතු බව ජනාධිපති කාර්යාලය පවසයි.