(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැට් ගැහිල්ලේ හොඳකට තියෙන්නේ උපත් පාලන කොපුවට වැට් එක ගහපු එක පමණකැයි සමඟ ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අඩු තරමින් දරුවන් හැදීම වැඩිවී ජනගහනය අඩුවීමේ ප්‍රශ්නයට හෝ ඉන් විසඳුමක් ලැබෙනවා නම් ඒකත් සහනයක් බව ඔහු කීවේය.
ජයමහ මහතා මෙසේ පැවසුවේ තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
වැට් බදු ගැහිල්ලෙන් දුප්පතුන් නන්නත්තාර වී ගිය බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

