වැටලීමකට ගිය පොලිසියේ දෙකක් අනතුරින් රෝහලේ


(අතුල බණ්ඩාර )

රුකඩ වැව ප්‍රදේශයේ වැටලීමකට  යතුරුපැදියකින් ගිය නොච්චියාගම පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා සහ සැරයන්වරයකු යුද හමුදාවේ කැබ් රථයක හැපී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත.

අනුරාධපුර - පුත්තලම ප්‍රධාන මාර්ගයේ, නොච්චියාගම , ළිඳවැව ,රුකඩ වැව හන්දියේදී  මේ අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂක  සහ සැරයන් වරයා  ඒ අවස්ථාවේම නොච්චියාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර එවා තිබුණි.

ඔවුන් දෙදෙනාගේම පාද හා අත් වල අස්ථි බිඳී තිබෙන බවත්, ඔවුන් ශල්‍යකර්මවලට භාජනය කළ බවත්,රෝහල් ප්‍රකාශකයෙක් පැවසිය.

කලාඔය යුද හමුදා කඳවුරට අයත් කැබ් රථය පැදවූ සෙබළා නොච්චියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.