වාහන ආනයන ගැන යෝජනා ඉල්ලයි


වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීම සඳහා අදහස් හා යෝජනා ලබා දෙන්නැයි මුදල් අමාතයංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කර මේ වන විට වසරක කාලයක් ගතවී ඇත.

මේ අතර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සඳහන් කළේ තවත් වසර දෙක හමාරකට ප්‍රමාණවත් වාහන තොට දැනට ලංකාවේ තිබෙන බවයි.