
(ළහිරු හර්ෂණ)
ඇහැලියෙගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාහර හල්දොල ලියැද්ද වෙල්යායේ කාබනික පොහොර යොදා වගා කළ කුඹුරුවලට වී අස්වනු නෙලීමේ මංගල්ලයක් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) දී සිදුකෙරිණි.
අක්කර 15 පමණ වූ කුඹුරු යායේ කාබනික යොදා වගා කළ සාර්ථක වී අස්වැන්න මේ ආකාරයෙන් නෙළීම ආරම්භ කර ඇත.
ගෙවි ගෙවිලියන් සමග එක් වාසුදේව අමාත්‍යවරයා ද මේ ආකාරයෙන් වි අස්වනු නෙලීමට දායකත්වය ලබා දුන්නේය.


