වාසු-උදය-විමල්ගේ සහායත් රනිල්ට


 

(සුජිත් හේවාජුලිගේ )

රටේ ආර්ථික සුභ සිද්ධිය වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ගන්නා වූ තීරණවලට සහාය ලබාදීමට ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීනවූ දේශපාලන පක්ෂ දහය තීරණය කර ඇත.

එම පක්ෂ දහයේ සාමාජිකයන් ඊයේ රැස්වී මේ තීරණය ගෙන ඇත.

වාසුදේව නානායක්කාර උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරු මෙම පක්ෂ දහයට අයත් පක්ෂ තුනක නායකයෝ වෙති.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂ දහයේ සාමාජිකයන් අතර විශේෂ හමුවක් අද උදේ පැවැත්වීමට නියමිතය.