වාලම්පූරි දෙකක් ගිනි අවි දෙකක් සමග අයෙක් මාට්ටු


(ඩී.ජී.සුගතපාල)

පොලිස් විශේෂ කාර්ය බළකාය අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදි විදේශ රටක නිෂ්පාදිත පැරණි ගිනි අවි දෙකක් සහ රුපියල් කෝටි දහයකට අලෙවි කිරිමට සුදානම්කර තිබු වාලම්පුරි දෙකක් සමග සැකකරුවකු අත් අංගුවට ගෙන ඇත.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මිටියාගොඩ උඩකැරැව පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකි.

අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා සැකකරු සහ භාණ්ඩ අම්බලන්ගොඩ පොලිසියට බාරදි ඇත.