වාලච්චේන උසාවියේ නඩු බඩු ඉස්සූ අයෙක් අත්අඩංගුවට


(ගයාන් සුරියආරච්චි)

වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කාමරය බිද එහි තිබූ කාලේ මත්පැන් බෝතල් 25 ක පෙට්ටියක් සොරාගත් පුද්ගලයකු අද (11) අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවසයි.

මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරය භාරකරු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයේ තාප්පයෙන් පැන විත් නඩු බඩු කාමරයේ තිබූ කාලේ බෝතල් තොගය සොරාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිසිය කියයි.

මඩකලපුව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් විශාන්ත මහතාගේ උපදෙස් පරිදි වාලච්චේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.