
(රවීන්ද්‍ර නෙත්තසිංහ)
වාරියපොළ කොහු කර්මාන්තශාලාවක අද (03) සවස ඇතිවූ ගින්නකින් කර්මාන්තශාලාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇත. වාරියපොල මලවාන ප්‍රදේශයේ මෙම කර්මාන්තශාලාව පිහිටා ඇත. කුරුණෑගල මහනගර සභාවේ ගිනිනිවන රථ, වාරියපොල ප්‍රදේශීය සභාවේ ජල බව්සර් ඇතුලු වාහන යොදාගෙන ගින්න නිවීමට උත්සහ දැරුවත් සවස 5.00 වන විටත් ගින්න නිවා දැමීමට නොහැකි විය.
වාරියපොළ යුධ හමුදා කදවුරේ නිලධාරීන් පොලිස් නිලධාරීන් සහ ප්රීදේශවාසීහු එක්ව ගින්න නිවා දැමීමට උත්සහ දැරූහ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.




