(විනීතා එම් ගමගේ)
දිවයින පුරා පිහිටි ඓතිහාසික වැව් හා මහා පරිමාණ වාරි යෝජනා ක්‍රම ආශ්‍රීතව ඉදිකිරීමක් හෝ වැඩි දියුණු කිරීමක් කරනේ නම් ඒ සඳහා අවසර ලබා දිය හැකි ද යන්න විශේෂ කමිටුවකින් තීරණ්‍ය කළ යුතු බවට වාරිමාර්ග අමාත්‍යංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා ඇත.
එකී ඉදිකිරීම හෝ වැඩි දියුණු කිරීම සිදුකරන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වැවක හෝ ජලාශයක නම් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පත්කෙරෙන කමිටුවකින් එම අවසරය දිය හැකි නැද්ද යන්න තිරණය කළ යුතු බවත් අදාල වාරි කර්මාන්තය මහවැලියට අයත් නම් මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකින් තීරණය ගත යුතු බව ද එහි සඳහන් වේ.
මේ සම්බන්ධ චක්‍රලේඛ්‍ය වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අද (09) යවනු ලැබීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරි්ය මගින් කළමණාකරණය කරන ආර්ථික පාරිසරික සංස්කෘතික හාසාමජයීය වශයෙන් සංවේදී ජලාශ පද්ධති ආශ්‍රීතව කිසියම් හෝ නව ඉදිකිරීමක් හෝ වැඩිදියුණු කිරීමක් සිදුකිරීමට ප්‍රථම අදාල බල ප්‍රදf්ශවල ආගමික සංස්කෘතික ගොවි ධීවර ඇතුළු ප්‍රජාව සහ අවස්ථානුකූළව පුරාවිද්‍යා පරිසර වනසංරක්ෂණ වනජීවී දිස්ත්‍රික් සංවර්ධන කමිටු ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් සමන්විත කිටුවක් හරහා නිර්දේශ ලබා ගැනීමටත් එම නිර්දේශ සඳහා වාරිමාර්ග අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගැනීමටත් අත්‍යවශ්‍ය බව එම චක්‍රලේඛත්‍ය් දැක්වේ.
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අමාත්‍යංශ ලේකම්වරයා විසින් මෙම චක්‍රලේඛ්‍ය නිකුත්කරනු ලැබ ඇත.

