
(සුමිත් පොතුපිටිය)
අලුත්ගම සිට පොල්ගහවෙල බලා ගමන් ගන්නා මන්දගාමී දුම්රියේ අද (07) පස්වරුවේ ගැටුන දෙදරු පියෙකු මියගොස් ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ වාද්දුව, රත්නායක පරේ පදිංචිව සිටී ගුරුගේ නීල් පෙරේරා නමැති 39 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය පවසයි .
වාද්දුව තල්පිටිිය රත්නායක පාරේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී අනතුර සිදුව තිබේ.
වාද්දුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති .

