(රන්ජන් කටුගම්පොළ)
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වශයෙන් පත්කිරීම ප්‍රතික්ෂේප කරමින් ව්‍යාවස්ථා සභාව ලබාදුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිඥවරයකු විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කල ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ 20 මුදලක් ගෙවන ලෙස එම නීතිඥවරයාට නියෝග කළේය.
නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ පහක් බැගින් ලක්ෂ 15ක මුදලක් වගඋත්තරකාර පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් තිදෙනාට ගෙවන ලෙසද ඊට අමතරව තවත් රුපියල් ලක්ෂ පහක මුදලක් නඩු ගාස්තු වශයෙන් ගෙවන ලෙසද අධිකරණයෙන් නියෝග කෙරිණි.
මෙම නියෝගය ප්‍රකාශයට පත්වකරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, මහින්ද සමයවර්ධන සහ අචල වෙන්ගප්පුල යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
නීතිඥ සරිත් පතිරත්න මහතා විසින් ගොනුකොට තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙයි වගඋත්තරකරුවන් වශයෙන් ව්‍යාවස්ථා සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.