( තිළිණි ද සිල්වා )
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් භාවිතයෙන් නයිජීරියාවේ සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නයිජීරියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.
නයිජීරියාවේ අබූජාහි පිහිටි නැම්ඩ් අසිකියු ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් ව්‍යාජ මලයාසියානු ගුවන් ගමන් බලපත්‍ර දෙකක් යොදාගනිමින් ලන්ඩන් හීතෲ ගුවන්තොටුපල වෙත පිටත්ව යාමට සූදානම්ව සිටියදී නයිජීරියානු ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වසර තුළ නයීජිරියාවේ දී ව්‍යාජ ගුවන් බලපත්‍ර ළඟ තබාගැනීමේ වරදට ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙය බව වාර්තා වේ.
නිති විරෝධී ගුවන්ගමන් බලපත්‍ර භාවිත කරමින් රටින් පිටවීම සඳහා මෙම සැකකරුවන්ට නයිජීරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ සහය ද ලැබී ඇති බව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත්සැකකරුවන් රදවා තබාගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

