ව්‍යවස්ථාදායක සභාව හෙට රැස්වෙයි


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවාසේදී හෙට (1) උදේ 10.00 ට  පැවැත්වේ.

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක්  මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත  බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.