වසා දැමූ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි


(තිලකරත්න දිසානායක)
 
 
කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා වසා දැමූ වේයන්ගොඩ විශේෂ ආර්ථක මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය භාරකාර සභාපති , ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.
 
සෞඛ්‍ය විධිවිධාන පිළිපදිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය සහ පොලිස් නිලධාරීන්ගේ සුපරික්ෂාව යටතේ මෙහි වෙළඳාම් කටයුතු සිදු කිරීමට එම මධ්‍යස්ථානයේ කළමනාකාර විශ්‍රාමික මේජර් නිලන්ත කපුරුබණ්ඩාර මහතා විසින් පියවර ගෙන ඇති බවත් කොරෝනා වෛරසය ව්‍යාප්තිය සිදු වියහැකි බැවින්  වෙළඳාම් කරනු ලබන ස්ථාන අසල කෙළ සහ බුලත් කෙළ ගැසීම පවා සිදු නොකරන ලෙසට වෙළඳුන්ට මෙන්ම පාරිභෝගිකයින්ට ද උපදෙස් ලබා දීම සිදු කර ඇති බවත් දිසාපතිවරයා කීය. 
 
එහි කළමනාකාර කපුරුබණ්ඩාර මහතා සදහන් කර සිටියේ, ආර් ථික මධ්‍යස්ථානය මුළුමනින්ම සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන බැවින් සුපුරුදු පරිදි පැමිණෙන ලෙස පාරිභෝගිකයින් දැනුම් දෙන බවයි.