වසර 9 ක වැටලීම්වලින් හෙරොයින් කිලෝ 2980 ක් අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

2010 වසරේ සිට මේ දක්වා වසර 9 ක කාලය තුළ දිවයින පුරා කළ වැටලීම්වලින් හොරොයින් කිලෝ 2980 ට අධික  ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම හෙරොයින් සමඟ සැකකරුවන් 199,680 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කීය.

2019 ජනවාරි මස 01 වැනි දින සිට ගත වූ මාස 6 ක කාලය දක්වා කළ වැටලීම්වලින් හොරොයින් කිලෝ 1030 ක් සමඟ සැකකරුවන් 20,309 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.