වසර 12කට පසු මාට්ටු වූ ඝාතකයා


(සුමිත් පොතුපිටිය)

තියුණු ආයුධවලින් කපාකොටා තරුණයකු ඝාතනය කළ ඝාතකයකු වසර 12 කට පසු හෝටලයක වැඩ කරමින් සිටියදී අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්කඳවිල ,මාරගස්විල ප්‍රදේශයේ පදිංචි 59 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

2011 වර්ෂයේ ජනවාරි මස පළවන දින පයාගල මාරගස්විල ප්‍රදේශයේ පදිංචිව සිටී ගුනහින්නගේ ගයාන් ෆ්‍රී දිනේෂ් නමැති 28 හැව්රිදි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපාකොටා ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී සිටී සැකකරු, ප්‍රදේශයෙන් පලාගොස් වසර 12 ක් පමණ තැන තැන සැගව සිට ඇති බවද පොලිසිය කීය.

දීර්ඝ කාලයක් විමර්ශණය කළ පොලිස් විශේෂ කාර්යාංශ නිළධාරීන්ට ලද තොරතුරක් මත දොඩංගොඩ පොලිසියේ අපරාධ අංශ නිළධාරීන් එක්ව වැල්ලම්පිටිය කොහිලවත්ත ප්‍රදේශයේ හෝටලයක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත්බවද පොලිසිය කීය.