වසන්ත ඇතුළු සරසවි සිසුන් 62කට ඇප


(බුද්ධික කුමාරසිරි)

තාවකාලිකව වසා දැමුණු පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය විවෘත කරන්නැයි ඉල්ලා අධ්‍යාපන අමාත්‍ය නිල කාමරය වැටලූ එම සරසවියේ ශිෂ්‍ය භික්ෂු සිසුන්  62 දෙදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණි විජේබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු  62 දෙදෙනකු අත්අඩංගුවට ගෙන චෝදනා අටක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළේය.

අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළුව අධ්‍යාපන ඇමැතිවරයාගේ නිල කාමරට වට කර කලහකාරී ලෙස හිසිරුණු සිසුන් 62 දෙදෙනා ඉකුත් 24 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුණි.