
(අංජුල මහික වීරරත්න)
යුරෝපීය සංගමයේ ලෝක වෙළෙඳ සංවිධාන (WTO) තානාපති ජෝඕ අගුවාර් මචාඩෝ (João Aguiar Machado) මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේදී පැවැත්විණි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකාවේ 5වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනයට (TPR) සමගාමීව මෙම හමුව සිදු කෙරිණි.
මෙම හමුව ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ශක්තිමත් හවුල්කාරීත්වය නැවත තහවුරු කිරීමට සමත් වූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ කෙරෙහි ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳව දග තානාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවද සමරසිංහ මහතා සඳහන් කළේය.
ඩිජිටල් වෙළෙඳාම, රේගු නවීකරණය, ධීවර කටයුතු සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන ක්ෂේත්‍ර සඳහා වන සහයෝගීතාවය මෙන්ම තොරතුරු තාක්ෂණ සේවා, සංචාරක, සැපයුම් සහ කෘෂි කර්මාන්තය යන ක්ෂේත්‍ර වල අපනයන පුළුල් කිරීමේ ඉලක්ක සපුරා ගැනීම සඳහා යුරෝපා සංගමයේ සහයෝගීතාවය ලබා ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.


