(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ලක්ෂ්මි කුඩලිගම)
සැකකරුවෙකු රැගෙන මතුගම අධිකරණය වෙත යමින් සිටි ත්‍රී රෝද රථයක් අගලවත්ත කැකුලන්දල ප්‍රදේශයේදී කිලෝමීටර් කණුවක වැදී අනතුරට පත්වීමෙන් පොලිස් සැරයන්වරයෙකු මියගොස් කොස්තාපල්වරයෙකු සහ වරෙන්තුකරුවෙකුත් තුවාල ලැබූ බව අගලවත්ත පොලිසිය කියයි
අනතුරින් මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිසියට අනුයුක්ත නඩු මෙහෙයුම් රාජකාරී නිරත පොලිස් සැරයන් 7661 රෝහිත නිලධාරියාය
තුවාල ලද පොලිස් කොස්තාපල් 103316 පසිඳු නිලධාරියා සහ බුලත්සිංහල තිබ්බොට්ටාව වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52ක් වන වරෙන්තුකරු ප්‍රතිකාර සඳහා පිඹුර රෝහලට ඇතුළත් කර ඇත
ත්‍රීරෝද රථය පැදවූ කොස්තාපල්වරයාට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් අනතුරට හේතුව වන්නට ඇතැයි පොලිසිය සැක කරයි