වයඹ වාහන බලපත් නිකුත් කිරීම 30 තෙක් අත්හිටුවයි


(යොහාන් භාසුර)

වයඹ පළාත තුළ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ මස 30 වැනිදා දක්වා තව දුරටත් අත්හිටුවීමට තීරණය කළ බව වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී. බී. එම්. සිරිසේන මහතා පවසයි.

අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ කල්ඉකුත් වන ආදායම් බලපත්‍ර සඳහා දඩමුදල් අය නොකරන බවත් තාවකාලික ආදායම් බලපත්‍රවල වලංගු කාලය දින 60 කින් දීර්ඝ කළ බවත් වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.

වයඹ පළාත තුළ ලියාපදිංචි වාහනවල ආදායම් බලපත්‍ර ද අන්තර්ජාලය හරහා ලබාගත හැකිය.