වයඹ මහ ඇමති ධූරයට සජබෙන් තුෂාර ඉඳුනිල්?


(සුජිත් හේවාජුලිගේ )

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් කවරෙකු හෝ වයඹ පළාත් සභාවේ මහ ඇමති ධූරයට තරඟ නොවදින්නේ නම් ඒ සඳහා තමා ඉදිරිපත් වීමට සූදානමි බව  පක්ෂ නායකත්වයට  දැනුම්දී  ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනාගෙන් කවරෙකු හෝ ඉදිරිපත් වන්නේ නම් තමා සද්භාවයෙන් ඒ  ඉදිරිපත් වන මන්ත්‍රීවරයාට සහාය දක්වන බවද ඔහු සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

තුෂාර ඉඳුනිල් මහතා පසුගිය මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වුවද පරාජයට පත්විය.