වන්නිනායක අපරාධ කොට්ඨාසයට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව නිතීඥ ගුණරත්න වන්නිනායක මහතා අද බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව එම කොට්ඨාසය සඳහන් කරයි

ඒ මහතා අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් වීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුද හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර ඊට අමතරව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස වැඩිදුරටත් නියෝග කළේය

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ට පරුෂ වචන කියමින් තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නීතිඥ වන්නි නායක මහතාට එරෙහිව පොලිසිය මගින් පවරා තිබූ නඩුවකට ඒ මහතා ඉදිරිපත් වීමෙන් අනතුරුව එලෙස ඇප මත මුදා හැරතිබිණි