වනඅලි දුම්රියේ ගැටීම වළක්වන්න රජයෙන් ක්‍රියාමාර්ග


(යොහාන් භාසුර)

ගල්ඔය - හිඟුරක්ගොඩ අතර 141 වන සැතපුම් කණුව අසල දී දුම්රියේ ගැටී වන අලීන් 6ක් මේ එයා මේ සිද්ධියත් එවැනි අනතුරු වළක්වා ගැනීම සඳහා පියවර කීපයක් ගැනීමට බලධාරීහූ අද (20) පස්වරුවේ තීරණය කළහ.

ඒ අනුව අලි අනතුරු බහුල එම පෙදෙසේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීම, ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම,  මෙය විසඳීමට ප්‍රජා මූල කණ්ඩායම් සෘජුවම සහභාගී කරවාගැනීම, දුම්රියවල ආලෝක පද්ධතීන් ඉදිරියට මෙන්ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමට සළකා බැලීම යන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කළහ.

මෙම සුවිශේෂ සාකච්ඡාවට ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි සහ පරාසර නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන්ම නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් යන මහත්වරු ද පොළොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රීවරු ද උක්ත සියලු ආයතන වල ප්‍රධාන නිලධාරීවරු ද සහභාගී වුහ.