වතුකම්කරුවන්ට පර්චස් දහයක්


(සුජිත් හේවාජුලිගේ )

වතුකරයේ කම්කරුවන් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් කැබලි ලබා දීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය

වැවිලි කර්මාන්ත, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන හා සංචාරක සහ ඉඩම් යන අමාත්‍යාංශ එක්ව  එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත බවද  ඇමැතිවරයා සඳහන් කළේය.