
(අංජුල මහික වීරරත්න)
වතු ජනතාව සඳහා රුපියල් 1750ක දෛනික වැටුප කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුලත ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී අද(12) පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම වෙනුවෙන් බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී පැවති උත්සවයේදීය.
ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් දෙදහසකට වැඩි පිරිසකට මෙහිදී නිවාස හිමිකම් ලබා දීම සිදු කෙරිණි.
"දිගු කාලක සිට දිනකට රුපියල් 1750ක වැටුපක් වතු ජනතාව විසින් ඉල්ලමින් සිටිනවා.අප කුමන ආකාරයකින් හෝ මේ වසර ඇතුලත ඒ හිමිකම ලබාදීමට කටයුතු කරනවා.
මලයගම් ජනතාවගේ කෘෂ භාවය, මන්දපෝෂණය , සෞඛ්‍ය අනාරක්ෂිත බව වැඩිපුර තියෙනවා.වතු ආශ්‍රිත රෝහල් රජයට පවරාගෙන වෛද්‍යවරුන් සහ පහසුකම් ලබාදීම ගැන අප අවධානය යොමු කර තිබෙනවා. ඔබේ සෞඛ්‍ය ගැන අයිතිය තියෙන්නේ කොම්පැනි වලට නොවෙයි රජයටයි යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී කීය.

