වතු කම්කරුවෝ 1700 ඉල්ලා කොළඹ විරෝධයේ


(යොහාන් භාසුර)

ආණ්ඩුව අනුමත කළ වතු කම්කරුවන්ගේ රුපියල් 1700 ක දෛනික වැටුප ඉල්ලා වතු කම්කරුවන් පිරිසක් කොළඹ ශ්‍රී ලංකා වතු අධිකාරී සංගම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් අද (9) පැවැත්වූහ.

එහිදී වතු කම්කරුවන් එම කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වීමට කළ උත්සහයේදී කම්කරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්වයක් ඇතිවිය. ඉන් පසුව පොලිස් කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ කැඳවීමට ද පියවර ගත්තේය.

එම විරෝධතාකරුවෝ පසුව කොළඹ 7, පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණ විරෝධය දැක්වූහ. ඔවුහු ධම්මික පෙරේරා මහතාගේ නිවස ඉදිරිපිට විශාල ප්‍රමාණයේ ඡායයාරූප සහ විරෝධතා පුවරු පිලිස්සූහ. වතු කම්කරුවෝ පසුව සාමකාමීව විසිර ගියහ.  

(ඡායාරූප: ශාන්ත රත්නායක)