වත්කම් ප්‍රසිද්ධ කර ඇත්තේ 225න් 12යි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ  කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය.

මූල්‍ය අරමුදල ලබා දී තිබෙන නිර්දේශ 16න් දෙවැන්න ලෙස  දූෂණ විරෝධී නීතියට අනුව ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් හෙවත් ජනාධිපතිවරයා අගමැති,ඇමතිවරු මෙන්ම පාර්ලිමේන්තුවේ  සියලු දෙනා  ජනතාවට බලා ගත හැකි අයුරින් වත්කම් ප්‍රසිද්ධ කළ යුතුව තිබෙන බව හර්ෂ ද සිල්වා මහතා කීය.

එම වත්කම් ප්‍රකාශන තෝරා ගත් වෙබ් අඩවියක 2024 ජුලි 24 වන විට ප්‍රසිද්ධ කළ යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

මේ ආකාරයට මූල්‍ය අරමුදල නිර්දේශය 16ක් ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබෙන බව කී  හර්ෂ ද සිල්වා මහතා එම කොන්දේසි වැරදිදැයි ප්‍රශ්න කළේය.