වගා ළිඟට වැටුණු කෙනෙර ගොඩ ගනී


(ජයරත්න වික්‍රමාරච්චි)

කරුවලගස්වැව ඉහළපුලියන්කුලම මීගස්වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී කුසගින්නේ වෙහෙසට පත්ව සිටි කෙනෙරක ගොඩගත් බව වනජීවි අඩවි කාර්යාලය කියයි.

ගොඩට ගත් පසුව එම කෙනෙරට ඇවිදයාමට නොහැකිව එම වගා ළිඳ ආසන්නයේම වැටුණු බව  කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

ඒ අනුව එම කෙනරට ප්‍රතිකාර ලබාදීම සදහා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා කැඳවාගෙන ඒමට අවශ්‍ය පියවර ගත් බවත් එම වනජීවී කාර්යාලය පැවසීය.

අලි ආරක්ෂණ විදුලියවැට නඩත්තුව සඳහා ගිය සිවිල් ආරක්ෂක භටයකු මෙම කෙනර වගා ළිඳට වැටී සිටින අයුරු දැක ඒ බව ඔහු වනජීවී කාර්යාලයට දැනුම්දී ඇත.

පසුව ජේ.සී.බී. යන්ත්‍රයක් ද යොදා ගෙන ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව පැය කිහිපයක මෙහෙයුමකින් පසුව කෙනරව වගා ළිදෙන් ගොඩට ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවී තිබේ.