
(අංජුල මහික වීරරත්න)
නියඟය නිසා වී හා අතිරේක බෝග වගා හානි කුඹුරු අක්කර ප්‍රමාණය 59,073. 98ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.එයින් හානි සිදුවී ඇති ගොවීන් ප්‍රමාණය 54,152කි.
වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණැගල දිස්ත්‍රික්කයේ වාර්තා වන අතර එම අක්කර ප්‍රමාණය 26,195.90කි. ගොවීන් ප්‍රමාණය 31,427කි.
දෙවන ස්ථානයට වැඩිම හානි උඩවලවේ කලාපයෙන් වාර්තා වේ. ඒ අනුව අක්කර ප්‍රමාණය 14,667.50ක් වන අතර ගොවීන් ප්‍රමාණය 5,867කි.
දැනට සිදුව තිබෙන වගා හානි සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින විෂය පථය යටතේ වැවිලි බෝග වන කුරුදු, රබර්, තේ, ගම්මිරිස් හා පොල් ආදිය සඳහා වන්දි ලබා දීමේ හැකියාවක් හෝ මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමේ හැකියාවක් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය යටතේ වගා හානි වන්දි ලබා දීම සිදු කළ හැක්කේ බෝගවර්ග හයක් සඳහා පමණක් යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.
වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, බී ලූණු, හා සෝයා බෝංචි එම බෝග වර්ග හයයි. සාමාන්‍ය රක්ෂණ ක්‍රමය යටතේ මෙම බෝග හය සඳහා වගා හානියක දී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටයාර් එකකට රුපියල් 100,000ක මුදලක් වන්දි වශයෙන් ලබා දෙයි. මෙවර යල කන්නයේ වී වගාවට සිදුව ඇති හානිය සුවිශේෂිත බැවින් ඊට වඩා වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි. දැනට සිදු කෙරෙන වගා හානි තක්සේරු කිරීම් අවසන් වූ වහාම සමස්ත වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම අදාල වගා හානි වන්දි ලබා දීම සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

