වගා ආරක්ෂාවට ගිනි අවි


(සුජිත් හේවාජුලිගේ )

වගාවන්හි ආරක්ෂාව සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු අවම වගා භූමි ප්‍රමාණය අක්කර පහ දක්වා සංශෝධනය කිරීමටද රජය තීරණය කර ඇතැයි ඔහු සඳහන් කළේය.

විවිධ සතුන් ගෙන් බෝග වගාවන්ට  සිදුවන හානිය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වගා ආරක්ෂාව සඳහා ගිනි අවි භාවිතය සම්බන්ධ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලබාගත හැකි බවද දැනුම් දුන්නේය.