වකුගඩු රෝගීන්ට සහන සේවාවක්


(රංජන් කස්තුරි)

අඩු ආදායම්ලාභී පවුල්වල නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට නොමිලයේ රුධිරකාන්දුකරණ ප්‍රතිකාර ලබාදීමට තම රෝහල වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා පවසයි.

ඒ අනුව මසකට රෝගීන් 60 දෙනකුට සහ වසරකදී රෝගීන් 700 දෙනකුට නොමිලයේ රුධිරන කාන්දුකරණ ප්‍රතිකාර ලබාදෙන බව ද එම රෝගීන්  තෝරාගැනීම විනිවිද භාවයකින් සිදුකරන අතර ඊට හේමාස් රෝහල සම්බන්ධ නොවන බව ද ඔහු කීය.

තලවතුගොඩ සහ වත්තල පිහිටි හේමාස් රෝහල් ආශ්‍රිතව ප්‍රජා නායකයන්ගෙන් සිදුම්ලත් ස්වාධීන පාලක කමිටුවක් මගින් දිවයිනපුරා සිටින වකුගඩු රෝගීන් තෝරා ගන්නා බව ද ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවැසීය.

හේමාස් රෝහල් සමූහය ‘‘උපකාර‘‘ නමින් මෙම ප්‍රජා සත්කාර සේවා වැඩසටහන  ආරම්භ කරන බව ද ඔහු කීය.