( ටී.කේ.ජී.කපිල )
බ්‍රිතාන්‍යයේ අන්තර්ජාතික රූ රැජින කිරුළ 2022 සදහා හිමි කර ගත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක් සදහා (3) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය .
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඇයගේ මෙම සංචාරය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කර තිබුණි .
ඇය ශ්‍රී ලංකාවේ රැදී සිටින කාළය තුළ දී ඇයගේ ධන පරිත්‍යාගයෙන් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන සමාජ සත්කාරක ව්‍යාපෘති ගනනාවක් අධීක්ෂණය කිරීමට නියමිතය .
එම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් සදහා නිවාස ව්‍යාපෘතියක් සහ ශ්‍රී ලංකාවේ පාසැල් දරුවන් සදහා වූ ව්‍යාපෘතියක් ද , ලෝකයේ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව නැගී සිටීමේ ව්‍යාපෘතියක් ද වේ .
මීට අමතරව බ්‍රිතාන්‍යයේ සංචාරකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳව ධනාත්මක ආකල්පයන් ඇති කිරීම ද මෙම සංචාරයේ තවත් අරමුණක් වී තිබේ .
මෙවැනි රූ රැජින තරගාවලියක් සදහා ඉදිරිපත් වන තරගකරුවන් අනිවාර්යයෙන්ම මෙවැනි සමාජ සත්කාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු බවට බ්‍රිතාන්‍යයේ නිර්දේශ කිරීම් සිදු කර තිබේ .
එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ජපානයේ ටෝකියෝ හී දී පැවැත්වීමට නියමිත 60 වන ලෝක අන්තර්ජාතික රූ රැජින තරගාවලිය සදහා බ්‍රිතාන්‍යය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය .
එහිදී ඇය ජයග්‍රහණය කළහොත් ඇයට හිමි වන ත්‍යාග මුදලින් 20% ක් ශ්‍රී ලංකාවේ දිළිදු ජනතාව සදහා වූ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීම සදහා වැය කිරීමට සූදානමින් සිටින බව ද ඇය කටුනායක ගුවන් තොටුපළේ දී අනාවරණය කළාය .
ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ කමලා හසන් මෙම ව්‍යාපෘති ඉන්දියාවේ සිදු කිරීමට ආරාධනා කළ බවත් , එහෙත් තමන් ඒ සදහා ශ්‍රී ලංකාවම තෝරා ගත් බවත් එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය වැඩිදුරටත් සදහන් කළාය .
එවැන්ජලින් එල්ක්මැනර් මෙනවිය සිය මව ඇතුළු ඥාතීන් පිරිසක් සමග 02/03 දින දහවල් 12.37 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ " සිල්ක් රූට් " විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියාය .

