( ටී.කේ.ජී.කපිල )
තායිලන්තයේ පැවති අයි ඈම් මොඩ්ල් සර්ච් කිඩ්ස් ඉන්ටර්නැෂනල් - 2025 ( I am Medel Search Kids International ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 08 හැවිරිදි ඇන්ජලා විමලසූරිය දියණිය එම තරගාවලියේ ජයග්‍රාහී කිරුළ දිනාගෙන අද(26) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා ය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 16 ක් නියෝජනය කරමින් පැමිණි තරගකරුවන් 42 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 24 වැනි දින තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි.
ඇන්ජලා විමලසූරිය කොළඹ , හැව්ලොක් පෙදෙසේ පදිංචි අතර ඇය සාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ 04 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි .
ඇන්ජලා මෙම ජයග්‍රහණය ද රැගෙන 01/26 දින දහවල් 11.10 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
ඇය පිළිගැනීමට ඇයගේ පුහුණුකාරිනිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.