(අංජුල මහික වීරරත්න)
2025 ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹාන ආදි වාසී ගම්මානයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබේ.
ලෝක ආදිවාසී දිනය අගෝස්තු 9 වැනිදාට යෙදී ඇත.
මෙම සැමරුම් උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර ඊට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ද සහභාගී විය.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල, බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහත්වරු ද ඊට සහභාගී වූහ.